Monday, July 9, 2018

                        නර්තන කලාවේ ඉතිහාසය



ශි ෂ්ට සම්පන්න සමාජයක්‌ බිහිවීමේ සමාරම්භක මොහොත විජයාවතරණයත් සමඟ සිදුවූ අතර අනතුරුව ශ්‍රී ලාංකේය ශිෂ්ටාචාරයේ ආරම්භය අනුරාධපුර යුගය හරහා සිදුවේ. විජයගේ ලංකා ගමනයට ප්‍රථමව මෙරට නොයෙකුත් අවධීන් තුළ විවිධ ගෝත්‍රික කණ්‌ඩායම් ජීවත් වී ඇති අතර ප්‍රාග් ඓතිහාසික ජනයා ජීවත් වූ යුගයන් ද දක්‌නට ලැබේ. එහෙත් කුමන ආකාරයකට හෝ ශිෂ්ටත්වයෙන් යුත් සමාජ පසුබිමක්‌ බිහිවීම සිදුවනුයේ විජයගේ ආගමනයක්‌ සමඟ බිහිවන අනුරාධපුර යුගය ඇසුරෙනි. දේශපාලනික, ආර්ථික, සමාජීය, ආගමික, සංස්‌කෘතික යනාදී අංශයන්ගේ පැහැදිලි සංවර්ධනයක්‌ දැකගත හැකිවනුයේ මේ යුගයෙන් ඇරඹෙන ජන සමාජය හරහාය. ඕනෑම ශිෂ්ටාචාරයක ප්‍රධාන ස්‌ථානයක්‌ එතුළ අන්තර්ගතව පවතින සංස්‌කෘතියට හිමිවී තිබෙන බව නොරහසකි. සංස්‌කෘතිය යනු එම ශිෂ්ටාචාරයේත්, ශිෂ්ටාචාරය තුළ ජීවත් වන්නා වූ මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් පිළිබිඹු කෙරෙන කැඩපතයි. ලාංකේය ජන සමාජ තුළ ද එලෙස පැතිරී පැවැති උසස්‌ මට්‌ටමේ ඇගයීමට ලක්‌කිරීමට හැකි සංස්‌කෘතියක්‌ මුල්බැසගෙන පැවතුණි. එලෙස මුල් බැසගනු ලැබූ සංස්‌කෘතියේ එක්‌ අවියෝජනීය අංගයක්‌ වශයෙන් කලාව ඉතා උසස්‌ මට්‌ටමෙන් ක්‍රියාත්මකව තිබිණි. මෙහිදී මූලික වශයෙන්ම ක්‍ෂේත්‍ර ගණනාවකින් එය සැදුම්ලත් බව කීමට හැකි වේ. 

කලාව වූ කලී විශේෂිත භාෂා මාධ්‍යයක්‌ වන අතර ඒ තුළ අන්තර්ගතව පවත්නා දේ සුවිශේෂී වේ. චිත්‍ර, මූර්ති, කැටයම්, සංගීත, නර්තන යනාදී ප්‍රධාන පාර්ශ්වයන් කලාව තුළ සංස්‌ථාපිතව පවතිනු ලැබේ. මීට පරිබාහිරින් විශාල වශයෙන් ජන සමාජ මූලික කර ගනිමින් විවිධ කලාවන් නිර්මාණ කලාවන් ව්‍යාප්තව පැතිරී පවතී, ලාංකේය ජන සමාජය තුළ ක්‍රියාත්මකව පැවැති කලාවේ එක්‌ අංශයක්‌ ලෙස පෙන්වා දිය හැකි නර්තන කලාවේ ආරම්භය එහි ප්‍ර්‍රගමනය කුමන ආකාරයකින් සිදුවුණිද යන්න විමසාලීම කාලෝචිත කරුණක්‌ වශයෙන් පෙන්වා දීමට හැකිවේ. ඓතිහාසික වශයෙන් ඕනෑම රටක ජන සමාජයක සංස්‌කෘතික තොරතුරු හෙළිකර ගැනීමේදී ප්‍රධාන වශයෙන්ම සාහිත්‍ය මූලාශ්‍ර මහත් පිටුවහලක්‌ ලබාදේ. එලෙස සාහිත්‍ය මූලාශ්‍රයන්ගෙන් ලබාගන්නා තොරතුරුවල විශ්වාසනීයත්වය වැඩිකිරීම පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මගින් සිදු කෙරෙන තහවුරු කිරීම් ප්‍රබල ස්‌ථානයක පසුවේ. ශ්‍රී ලංකාවේ පැවැති නර්තන කලාව හා එහි ආරම්භය පිළිබඳ විශාල වශයෙන් තොරතුරු සම්පාදනය කරගැනීමේදී සාහිත්‍ය මූලාශ්‍ර හා පුරාවිද්‍යා මූලාශ්‍ර මහෝපකාරී වේ.



Thursday, July 5, 2018

                                 
                                 නර්තනය

දේශීය නර්තන කලාව පුද පුජා ඇසුරෙන් බිහි වූ බව පිළිගත හැකිය. වර්තමානයේ උවද විවිධ ශාන්ති කර්ම වල විවිධ ශාන්තිකර්මවල දක්‌නට ඇති නැටුම් එයට කදිම උදාහණයකි.

ශ්‍රී ලංකාව බොහෝ පැරණි ශිෂ්ටාචාරයක්‌ ඇති රටකි. මීට වසර 2500 කට පමණ පෙර විජය නැමැති ඉන්දියානු රජ කුමාරයා සමග පැමිණි පිරිස ලංකාට පැමිණෙන විට කුවේණිය නම් යක්‍ෂ ගෝත්‍රික කාන්තාව කපු වියමින් සිටි බව මහවංශයේ සඳහන් වේ. එයින් පිලිබිඹු වන්නේ අතීතයේ සිටම අපේ රටේ රෙදි විවීම වැනි කර්මාන්ත කරවූ දියුණු ශිෂ්ට සම්පන්න ජන කොටසක්‌ වූ බවයි.


අතීත කතා වලට අනුව විජය කුමරු පැම්ණීමට පෙර කාලවලදී පවා අපෙ රටේ නැටුම් ගැයුම් වැයුම් පැවති බව කියැවේ. විජය කුමරුගේ පැමිණීමෙන් පසු ඇතිවූ දියුණු ලාංකික සමාජය තුල විවිධ වකවානු වලදී දියුණු නැටුම් කලාවක්‌ පැවති බව අනාවරණය වේ.